ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන පෙට්‍රල් ඔක්ටේන් 92 , ඔක්ටේන් 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කෙරෙනු ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව මීට පෙර නොවැම්බර් 01 දා සහ නොවැම්බර් 15 දා දෙවරක් ඉන්ධන මිල අඩු කළේ ය.