අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය වාරික ගෙවන්න සියලු කටයුතු සූදානම්- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 21, 2018

    ලබන ජනවාරි මාසයට අදාළ ඩොලර් බිලියන 1000 ක විදෙස් ණය වාරිකය නිසි පරිදි ගෙවීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විදෙස් ණය වාරික ගෙවීමට රජයට හැකියාවක් නැතැයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ජනාධිපතිවරයාට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර හෝ බේරා ගැනීමට නොහැකි වු බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ආර්ථිකය සැදීමට රට බාර දී ඇති බව ද කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුඩු පට්ටම් වෙලා තිබුණේ.ආර්ථිකය ගෙනයන්න බැරි තැනට ගෙනාවා. විජාතිකයන් සනසන්න කටයුතු කර තිබුණේ. ණය වරික ගෙවන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා  පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya