අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකය සවිගැන්වීමට වැඩපිළිවෙලක්

    නොවැම්බර් 17, 2018

    අධික බදු බර ලිහිල් කරමින් දේශීය ව්‍යවසායකයින් හා කර්මාන්ත ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සඳහා මිල අඩු කර පාරිභෝගිකයින්ට සහන සැලසීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා රජය කටයුතු කරමින් සිටී.

    ඒ යටතේ ඉන්ධන හා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩු කිරීම, ගොවීන්, කුඩා වී මෝල් හිමියන්, නියඟය පැවති ප්‍රදේශවල කාන්තාවන් විසින් ලබා ගෙන ඇති ණය මුදල් සඳහා සහන සැලසීම, රසායනික පොහොර සහන මිලකට ලබා දීම, අධික බදු බර අවම කිරීම, දේශීය කෘෂිකාර්මික, ඉදි කිරීම්, කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්, විදේශ සේවා නියුක්තිකයින්, වෘත්තීයවේදීන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බදු සහන සැලසීම, සමෘද්ධිලාභීන්ගේ ජීවනෝපාය නඟා සිටුවීම ඇතුළු විවිධ සහන සැලසීමට යෝජනා කර තිබේ.

    ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, මුදල් හා ආර්ථික කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් 2018 11 01 දින ප්‍රකාශයට පත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාගැනීම සඳහා අදාළ අණපනත්වලට කළ යුතු සංශෝධන සිදු කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා අනුමැතිය ලබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya