අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ට නිල ඇදුම් රෙදි ලබාදීමට කැබිනට් අනුමැතිය

    නොවැම්බර් 14, 2018

    2019 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇදුම් රෙදි ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    45 ලක්ෂයක් පමණ සියලු පාසල් දූ දරුවන්ට නිල ඇදුම් රෙදි ලබාදීම 1993 වසරේ සිට මේ දක්වා වසර 25ක කාලයක් තිස්සේ  සිදු කරනු ලබයි. මෑත සිට අනුගමනය කරනු ලැබූ ''තිළිණපත් ක්‍රමවේදය'' වෙනුවට මෙම ක්‍රමය නැවත ක්‍රියාත්මක කෙරේ.

    පෙර පැවැති ආකාරයට නිල ඇදුම් රෙදි ලබාදීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන තිබේ. එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50ක පමණ ඉදිරියක් පැවැතීම සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබාගැනීමෙන් ඇති වන විදේශ විනිමය ඉතිරිය සලකා මෙම පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya