අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''බිස්නස් ටුඩේ'' ව්‍යාපාරික සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් ...

    නොවැම්බර් 13, 2018

    ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරන ''බිස්නස් ටුඩේ 2018, ව්‍යාපාරික සම්මාන උලෙළ ඊයේ (12) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර, හොදම ව්‍යාපාරිකයන් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ''බිස්නස් ටුඩේ ටොප් 30'' නමින් නම් කර තිබූ මෙම සම්මාන උලෙළේ දී ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 2017/2018 කාල පරිච්ඡේදයේ දී විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් තිහක් ඇගයීමට ලක් කෙරිණි.

    දේශීය ආර්ථීකය මත විශ්වාස තබා රටේ අනාගතය උදෙසා අඛණ්ඩව සිය පෞද්ගලික ආයෝජනයන් සිදු කළ කීර්තිමත් පුද්ගලයන් ඇගැයීමට ලක් කිරීම ද සිදු කෙරිණි.

    ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කරමින් රාජ්‍ය ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන උලෙළ බිස්නස් ටුඩේ සගරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ රැසක් මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya