අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු ගිවිසුම ජනතා හිතවාදි, ස්වජාතිකයන්ට පක්ෂපාති ගිවිසුවමක් බවට පරිවර්තනය කරනවා

    නොවැම්බර් 09, 2018

    සිංගප්පූරු ගිවිසුම, ජනතා හිතවාදි, ස්වජාතිකයන්ට පක්ෂපාති, ද්වරාජ්‍යයට වාසිදායක ගිවිසුවමක් බවට පරිවර්තනය කරන බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

     සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව සියලු දෙනා ස්වජාතිකයන් වැනසෙන ගිවිසමක් කියලා එදා කියද්දි තඹ දොයිතුවකට මායිම් කළේ නෑ. අද වෙනකම් සිංහල පරිවර්ථනයක් දෙමළ පරිවර්ථනයක් නෑ.

    අතිගරු ජනාධිපතිතිතුමා මේ පිළිබඳව සොයා බලන්න කමිටුවක් පත් කළා. තව සතියකින් එම වාර්තාව ලැබෙයි. සිංගප්පූරු ගිවිසුමට හරක් වගේ කටයුතු කරන්නේ නෑ.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සහ කමිටු වාර්තාව බලාගෙන ඉන්නවා. ඉන් පසුව අවශ්‍ය සංශෝධන සහිත කැබිනට් වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.ජනතා හිතවාදි, ස්වජාතිකයන්ට පක්ෂපාති,ද්වරාජ්‍යයට වාසිදායක සිංගප්පුරූ ගිවිසුවමක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya