අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ පවුල් 5450කට අලුතින් සමෘද්ධී සහනාධාර

    සැප්තැම්බර් 13, 2018

    වසර 2030 වන විට දිළිදුබවින් තොර ශ්‍රිලංකාවක් උදෙසා සමාජ සවිබලකරණ වැඩ පිළිවෙල යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 5450කට අලුතින් සමෘද්ධි සහනාධාර පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.

    නව සමෘද්ධි හිමිකම් ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සැප්තැම්බර් මස 15 දින පෙ.ව. 10.00ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරි මණ්ඩලයකින් සැදුම්ලත් කමිටුවක් මගින් මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම නව සමෘද්ධී ලාභින් තෝරාගෙන තිබේ. සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරිමේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහභාගි වීමට නියමිතය.

    DMU/Mathale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya