අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්ගමුවේ වැව් 4ක් ප්‍රතිසංස්කරණයට

    අගෝස්තු 15, 2018

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ විශේෂ වැඩ සටහන යටතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 4ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 88ක මුදලක් වෙන් කොට තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් වැව් ප්‍රතිසංස්කරණය සදහා ප්‍රතිපාදන වෙන්කොට තිබේ.

    විල්ගමුව කොට්ඨාසයේ වත්තේගෙදර වැව ප්‍රතිසංස්කරණය සදහා රු.මි. 46ක්ද, තුන්හිරිය වැව වැඩි දියුණු කිරීම සදහා මිලියන 15ක්ද, දොඩන්ගොල්ල වැව ප්‍රතිසංස්කරණය සදහා රු5ක්ද, රදාගල්පොත ව්‍යාපාරය යටතේ ඇහැරන්ද වැව ප්‍රතිසංස්කරණය හා ඇල මාර්ග පද්ධතිය ඉදිකිරීම සදහා මිලියන 22ක්ද වශයෙන් රුපියල් මිලියන 88ක මුදලක් විල්ගමුව කොට්ටාසයට පමණක් වෙන් කොට තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ අති දුෂ්කරම කොට්ඨාසය වශයෙන් සැලකෙන්නේද විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි.

    ඊයේ(14) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම සදහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya