අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ කටුපොල් වගාව තහනම් කෙරේ

    අගෝස්තු 11, 2018
    කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ කටුපොල් වගාව මුළුමනින්ම තහනම් කිරීමට කටයුතු කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක  මහත්මිය පැවසුවාය.
     
    එම මහත්මිය මේ බව  සඳහන් කළේ  පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ රක්නාවල ඇල්ල අවට ප්‍රදේශයේ කටුපොල් වගාව හේතුවෙන් ස්වභාවික පරිසරයට සිදුවන හානිය පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණයට එක්වෙමිනි.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කටුපොල් වගාව මුළුමනින්ම  නතර කරන බවත් දකුණු පළාතේ, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල කටුපොල් වගාව නිසා දැඩි පරිසර හානියක් මේ වන විටත් සිදුව ඇති බවත් පෙන්වාදුන් ආණ්ඩුකාරවරිය කටුපොල් වගාව ශ්‍රී ලංකාවට සුදුසු නොවන බෝගයක් බව පෙන්වා දුන්නාය.
     
    ගහ කොළ සතා සීපාවා  සහ මිනිසාගේ පරම අයිතිය  වූ ජලය, හුදු ආර්ථිකමය ප්‍රතිලාභ හමුවේ විනාශකිරීමට කිසිම බලවේගයකට ඉඩ නොතබන බව ද සබරගමුව ආණ්ඩුකාරවරිය මෙහිදී පැවසුවාය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya