අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැව් දහසක් - ගම් දහසක් ” යටතේ 300වන වැව හා ගම සංවර්ධනය කිරීම අරඹයි

    අගෝස්තු 10, 2018
    “අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙළ යටතේ “ වැව් දහසක්- ගම් දහසක් ” ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර, එහි 300වන වැව හා ගම ලෙස අඟුණකොළපැලැස්ස, කයිලවැල්පෝටාව (වික්‍රමපුර වැව) ඇතුළු වැව් සහ ගම්මාන 07ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු අද (10) සිට ඉදිරි දෙදින තුළ ආරම්භ කිරීමට නියමිතය.
     
    “වැව් දහසක් - ගම් දහසක්” ප්‍රථම අදියර සඳහා රු.මි. 3500කට අධික මුදලක් රජය විසින් වෙන්කර ඇත. ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉලක්ක කරගනිමින් වැව් ප්‍රතිසංස්කරණය සිදුකිරීම මෙම වැඩපිළිවෙළේ විශේෂත්වයකි. කෘෂි මාර්ග සංවර්ධනය, ගෙවතු වගාව, ගෙවිලියන් ශක්තිමත් කිරීම, ගොවිජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, වැව යටතේ ඇති ඇළවේලී ප්‍රතිසංවර්ධනය ඇතුළු යටිගං සංවර්ධනය සහ වැව අවට පරිසරයේ සුරක්ෂිතතාවය උදෙසා කටයුතු කිරීම වැනි වැඩකටයුතු රැසක් වැව් දහසක් - ගම් දහසක් යටතේ ක්‍රියාත්මක වේ.
     
    මෙම ව්‍යාපෘතියේ 300 වනි වැව සහ ගම වශයෙන් අගුණකොළපෑලැස්ස, කයිලවැල්පෝටාවැව(වික්‍රමපුර වැව) සංවර්ධන කටයුතු ලබන ඉරිදා(12) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya