අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් රාජ්‍ය සේවා තරඟාවලිය වොලිබෝල් තරඟාවලිය ගල්ලේ දී

    ජූලි 20, 2018

    දකුණු පළාත් රාජ්‍ය සේවා තරඟාවලිය නිලවශයෙන් ආරම්භ කරමින් පළමු කාන්තා වොලිබෝල් ක්‍රිඩා තරඟාවලිය ගාල්ල කොටුව වොලිබෝල් ක්‍රිඩාංගණයේදි ඊයේ දින(19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

     

    මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් විදානපතිරණ මහතා “වර්තමානයේ ක්‍රිඩාව කුසළතා සංවර්ධනය පමණක් නොවෙයි. දැන් ඒක වානිජමය අගයක් දක්වා වර්ධනය වෙලා.අපේ රටට ආදායම් ලැබෙන ක්‍රමයක් බවට පත්වෙලා.ක්‍රිකට් ඒ වගේ දෙයක්.ඒ නිසා පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ අගයක් රටතුළ ක්‍රිඩාවට තියෙනවා.මිනිස්ස්‍රන්ගෙ සමාජශිලි ජිවිතයට ක්‍රිඩාවතමයි ඝෘජුවම බලපාන්නේ.ජය පරාජය පමණක් නොවයි සමාජශිලි මිනිසුන් නිර්මාණය කරන්න ක්‍රිඩාවට හැකියාව තියෙනවා“ යනුවෙන් සඳහන් කර සිටයේය.

    අවසන් තරඟාවලිය සඳහා කණ්ඩායම් 11ක් එක්ව සිටි අතර, දකුණු පළාතේ සියළුම දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවා කන්ඩායම් රැසක් එක්ව සිටියහ.සමාරම්භක උළෙල සඳහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්, පලාත් ක්‍රිඩා සහකාර අධ්‍යක්ෂ, ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya