අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදා ගම්මාන වැඩසටහනින් අම්පාරට ගම්මාන 02ක්

    ජූලි 18, 2018
    “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිකළ උදා ගම්මාන 02ක් ජනතා අයිතියට පත්කිරීම පසුගිය දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ, දමන, උක්සිරිපුර ප්‍රදේශයේ ඉදිකළ “තුරුඋදුගම” හා “මුවසිරිගම” යන උදා ගම්මාන 2 ජනතා අයිතියට පත්කෙරුණේ   යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 91 හා 92 වන ආදර්ශ ගම්මාන ලෙසයි.
     
    “තුරුඋදුගම” ගම්මානය නිවාස 25 කින්ද, “මුවසිරිගම” ගම්මානය නිවාස 23 කින් ද සමන්විත වේ. මෙම උදාගම්මාන 2 අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 407 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම ගම්මාන සමන්විත වේ. 
     
    උදා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 48 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’ ප්‍රදානය, ප්‍රතිලාභීන් 138 කට රුපියල් ලක්ෂ 276 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’ ප්‍රදානය, පවුල් 150 කට රුපියල් ලක්ෂ 75 ක් වටිනා නිවාස ණය සහ ආධාර ප්‍රදානය, ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, වෘත්තීය පොත් කට්ටල ප්‍රදානය, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 108 ක් වටිනා වකුගඩු ආධාර ප්‍රදානය, ප්‍රතිලාභීන් 20 කට රුපියල් ලක්ෂ 23 ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය, ප්‍රතිලාභීන් 10 කට 220,000 ක් වටිනා මහන මැෂින් ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 140 දෙනෙකුට රුපියල් 112,000 ක් වටිනා ඇස් කණ්නාඩි ප්‍රදානය සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ 240 ක් ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි. 
     
    මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක්ද සහභාගි වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya