අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික නවීකරණයට ඩොලර් මිලියන 125ක්

    ජූලි 18, 2018

    කෘෂිකර්ම  අමාත්‍යාංශය මගින් කෘෂිකර්මාන්තය වාණිජ මට්ටමට ගෙන ඒමේ අරමුණින් කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන බව එම ව්‍යාපෘතියේ  පළාත් අධ්‍යක්ෂ එම්. බී දිසානායක මහතා පැවසීය.

    මෙම ව්‍යාපෘතිය  යාපනය, මුලතිව්, අනුරාධපුර, මඩකලපුව, මොනරාගල, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරේ.  අවම වශයෙන් පවුල්  14,000කට මෙම ව්‍යාපෘතියෙන් සහන සැලසීමට අපේක්ෂිත අතර  මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 125ක මුදලක්  වෙන් කොට තිබේ.  මෙම ව්‍යාපෘතිය 2017 සිට 2022 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.

     

    මේ ව්‍යාපෘතිය යටතේ  එක් එක්  කෘෂි භෝගයන්ට අදාළ කලාපයක්  ලෙස සංවර්ධනය කර  නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීමට හා  දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන වැඩි දියුණු කිරීමට සැලසුම් කොට තිබේ.    තරගකාරි වෙළෙඳ පොළක් ඇති  භෝග වර්ග  හඳුන්වාදීම මෙන්ම  කෘෂිකාර්මික නිෂ්පාදනයන්හී ආදාමයන් වැඩි කිරීමටද නියමිතය. කෘෂි බෝග කල්තබා තබාගැනිමේ පහසුකම්ද  ඇතුලත්ව ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීමටද  සැලසුම් සකස් කොට ඇත.   කෘෂිකාර්මික මාර්ග වැඩිදියුණු කිරිම, වැව් පොකුණු, කෘෂි ඇල මාර්ග, ප්‍රතිසංස්කරණය කිරීම  ඇතුළු  කෘෂිකාර්මික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිට ඇතුලත් වේ.

     

    මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ   දිස්ත්‍රික්කයේ  ටොම් ජේ. සී. අඹ වගා  ව්‍යාපෘතියක්,  ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ලොකු ලුණු බීජ නිෂ්පාදනය හා එම බීජ ගබඩා කිරීමට මාතලේ දිගම්පතහ ප්‍රදේශයේ නවීන තාක්ෂණික ගබඩාවක්  ඉදිකිරීම,   කෘෂීකාර්මික  මාර්ග හා  කෘෂි ඇල මාර්ග ඉදි කිරීමට නියමිතය.   පේර, කටු අනෝදා, පැෂන් පෘට්  ඇතුළු  කෘෂි බෝග කිහිපයක්  අපනයනය අරමුණුකර ගනිමින් වගාව ප්‍රවර්ධනය කිරීම,  දැනට  පවත්නා අඹ වගාවේ  කන්න දෙක නවීන තාක්ෂණික ක්‍රම   භාවිත කරමින් වර්ෂයකට   කන්න තුනක්  දක්වා  වැඩි කිරිමේ ව්‍යාපෘතියක්ද  ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙන බවත් මෙම ව්‍යාපෘතියේ  මධ්‍යම පළාත් අධ්‍යක්ෂ  එම්.බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.  දිසානායක මහතා  මෙම තොරතුරු  අනාවරණය කළේ කෘෂිකාර්මික  නවිකරණ  ව්‍යාපෘතිය සම්බන්ධයෙන්   මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වමුළුවකට සහභාගි වෙමිනි.  

     

    මෙම  අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා හා  දිස්ත්‍රික්කයේ ප්‍රාද්ශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya