අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බරවා රෝග පරික්ෂාවට නිවැසියන්ගෙන් ලේ සාම්පල් ලබාගැනේ

    ජූලි 13, 2018

    කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන් ද ඇතුළුව සියලු නිවැසියන්ගෙන් බරවා රෝග පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

    කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බරවා රෝග කාරක මුදුරුවන් හමුවී ඇති බැවින් මාතර බරවා රෝග මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරී සී.ආර්.රණවීර මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහනක් වශයෙන් ලේ සාම්පල් ලබාගෙන පරීක්ෂා කිරීම සිදු කරන බව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් වන බී.ජී.එස්.මධුරංග මහතා හා ඩබ්.එස්.ඊ.කුමාර මහතා පැවසූහ.

    ජූලි මස 09 වැනිදා සිට ජූලි මස 13 වැනිදා දක්වා සඳුදා, බදාදා හා සිකුරාදා දිනවල මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනා බැගින් වන කණ්ඩායම් පහක් රින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ලේ සාම්පල් ලබා ගැනීම සඳහා නිවෙස් වලට පැමිණේ. බරවා රෝග කාරකය සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේ වන බැවින් අදාළ නිවෙස් හිමියන් කලින් දැනුම්වත් කර මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් පැමිණෙන්නේ රාත්‍රී 8.00න් පසුවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya