මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැව් දහසක් - ගම් දහසක් ” වැඩපිළිවෙළ නිකවැරටියෙන් ඇරඹේ

    ජූලි 10, 2018
    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 18ක ප්‍රධාන ව්‍යාපෘතියක් වන “වැව් දහසක් - ගම් දහසක් ” ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල අනිද්දා (12) නිකවැරටිය මහගිරිල්ල ගල්කඩවල වැව් තාවුල්ලේ දී ආරම්භ කෙරේ.
     
    ශ්‍රී ලංකාවේ වැව් පද්ධතිය තුළ තිබෙන පුරාණ කුඩා වැව් විශාල ප්‍රමාණයක් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා එම වැව් මේ වනවිට ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. එම නිසා මෙම වසර තුළ වැව් දහසක් සහ එම වැව් යටතේ තිබෙන ගම්මාන දහසක් ප්‍රතිසංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. 
     
    ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් වහා අරඹන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය. 
     
    පළමු අදියරේ දී වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කරන අතර එම කටයුතු 12 දින ආරම්භ කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වනවිටත් එම දිස්ත්‍රික් නිලධාරීන් ට උපදෙස් දී ඇත.
     
    “වැව් දහසක් - ගම් දහසක් ” වැඩපිළිවෙළට රජය විසින් වෙන්කර ඇති මුදල රු.මි.9000කට අධික ය. ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය  ඉලක්ක කරගනිමින් වැව් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ම, ගම්මානවල කෘෂි මාර්ග සංවර්ධනය, ගෙවතු වගාව, ගෙවිලියන් ශක්තිමත් කිරීම, ගොවිජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, වැව යටතේ ඇති ඇළවේලී ප්‍රතිසංවර්ධනය සහ වැව අවට පරිසරයේ සුරක්ෂිතභාවය උදෙසා කටයුතු යෙදීම වැනි වැඩකටයුතු රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. 
     
    “වැව් දහසක් - ගම් දහසක් ” වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya