වැලිකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමත් මත ඉදි කරන ලද වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය ලබන 09දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. මෙම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැය කර ඇති මුදල රු.මි.13.5කි. මෙම උත්සවයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු සහ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.