මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වරට බඩඉරිඟු සඳහා සහතික මිලක්

    මැයි 31, 2018
    ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව විධිමත් කිරීමට හා බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.
     
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අපේ රටේ බඩඉරිඟු වගාව මේ වන විට ගොවීන් විසින් විශාල වශයෙන් සිදු කළත්, එම වගාව තවමත් විධිමත්ව නොමැති බවයි. 
     
    එම නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, ගොවීන්ගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට බඩඉරිඟු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතික මිලක් ලබාදීමට තීරණය කරනු ලැබීය.
     
    අප රටේ වාර්ෂිකව බඩඉරිඟු අවශ්‍යතාවය මෙ.ටො. 500 කි. එසේ වුවද දැනට වාර්ෂික දේශීය නිෂ්පාදනය මෙ.ටො. 250 කි. තවත් මෙ.ටො. 70 ක් ආනයනය කරනු ලබයි. 
     
    එම නිසා මීළඟ කන්නයේ බඩඉරිඟු වගාව ආරම්භයේදීම ඒ සඳහා සහතික මිළක් නියම කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. එමෙන්ම බඩඉරිඟු වගාකරන ගොවියන්, ආනයනකරුවන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් එක්ව බඩඉරිඟු වගාව විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසන්න යැයි ද අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න මහතාට උපදෙස් දුන්නේය.
     
    බඩඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම ඉලක්ක කරමින් එම වැඩපිළිවෙල සකසන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya