මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    73වන උදා ගම්මානය අද ජනතා අයිතියට

    මැයි 28, 2018
    නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 73වන උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, මාකඩුවාවේ "සුභසෙන්පුර" අද (28) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.
     
    මෙම උදා ගම්මානයේ මුළු නිවාස ගණන 24කි. සුභසෙන්පුර ගම්මානයේ ඉදිකිරීම් 2016 වසරේ ජූලි මාසයේ දී ආරම්භ විය. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබා දී තිබේ. මෙම උදා ගම්මානය ද සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි. 
     
    සුභසෙන්පුර ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3.87කි. සෑම නිවසකටම පර්චස් 15බැගින් ලබා දී තිබේ. මෙම ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් මිලියන 26.3කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya