අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 6133දක්වා ඉහළට

    මැයි 23, 2018
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, බළංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල යන ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාසවල ග්‍රාමසේවා වසම් 189කට අයත් පවුල් 6133ක් ආපදාවට ලක්ව ඇත.
     
    ඒ අනුව පුද්ගලයින් 24625ක් ආපදාවට පත්ව ඇත.  නිවාස 06කට පූර්ණ හානි ද නිවාස  139කට අර්ධ වශයෙන් ද හානි වී ඇති අතර වෙනත් දේපළ හානි සිදුවීම් 156ක් ද වාර්තා වී ඇත.
     
    මේ වන විට පවුල් 1961කට අයත් පුද්ගලයින් 7861ක් තම හිතවතුන්ගේ නිවාසවල රැඳී සිටිති. ආපදාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන 38ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථානවල පවුල් 493කට අයත් සාමාජිකයින් 1951ක් රැඳී සිටිති.
     
    විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, යුද හමුදාව, නාවික හමුදාව හා පොලීසිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන අවශ්‍ය සහන සේවා සලසයි.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya