අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලල්ල අඹගස්වැව වම්ඉවුරු ඇලේ පැති බැම්ම ප්‍රතිසංස්කරණයට

    මැයි 21, 2018

    දැදුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල ,අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබෙන අතර හානියට පත් පැති බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

    ධාරානිපාත වැසි හමුවේ මෙම හානිය සිදුව ඇති බවයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා පවසයි. සිදු වී ඇති ආපදා තත්වය නිරීක්ෂණය කිරීම සදහා වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (20) වාරිමාර්ග නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගොස් අතර, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සළකා එම ස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් ලබා දුනනේය.

    එහි ප‍්‍රතිසංස්කරණ කටයුතුද එම අවස්ථාවේදීම ආරම්භ කිිරීමට වාරි ඉංජිනේරුවන් පියවර ගත්හ.

    පසුගිය රජය සමයේ මෙහි ප‍්‍රතිසංස්කරණ සිදු කර ඇති බවත්, ඉතා කෙටි කලකින් මෙම බැම්ම බිදී යාමට හේතුව එම කටයුතු ප‍්‍රමිතියකින් යුතුව සිදු නොකිරීම බව වාරි ඉංජිනේරුවන් තමන්ට දැනුම්දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya