අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව 2018 වසරේ මාතර වී වගා ඉලක්කය හෙක්ටයාර් 31194 ක්

    මැයි 17, 2018

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව 2018 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා කිරීමට අපේක්ෂා කරන බව මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.ඩී.කේ. ද එස්.සිරිවර්ධන මහතා පවසයි.

    ඒ අනුව 2017/2018 මහ කන්නයේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 16414 කි. එහි ප්‍රගතිය හෙක්ටයාර් 14316.25 කි. අපේක්ෂිත සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3.9 ක් වශයෙන් අදාළ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 64014.60 ක් වේ.


    2018 යළ කන්නයේ අපේක්ෂිත වී වගා ඉලක්කය හෙක්ටයාර් 14780 කි. එයින් අපේක්ෂිත සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 3.8 ක් වශයෙන් 2018 යළ කන්නය සඳහා වී නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික්ටොන් 57642 කි.

    මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල 2017/2018 මහ කන්නයේ වී අස්වැන්න නෙළා අවසන් නොමැති අතර ඇතැම් ප්‍රදේශවල 2018 යළ කන්නයේ වී වගා කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මේ තොරතුරු අනාවරණය වූයේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ. සිරිවර්දන මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya