මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ශ්‍රමය ශූන්‍යත්වයට පත් කිරීම සදහා නිලධාරීන් දැනුවත් කිරීමක් කුරුණෑගල දී

    අප්‍රේල් 07, 2018

    ළමා ශ්‍රමය ශූන්‍යත්වයට පත් තිරීම සදහා අදාල නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගිය දා රතුතුරුස සංගම් ශාලාවේ දි පැවැත්විණ.

    කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම්වරුන් , ළමා හා කාන්තා කාර්්‍යාංශ ස්ථානාධිපතිවරුන් , අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන් , කම්කරු කොමසාරිස්වරුන් , පරිවාස නිලධාරීන් , සංඛ්‍යාෙල්ඛණ නිලධාරීන් ද සහභාගී වූහ.

    ළමා ශ්‍රමය පිළිබද අවධානය යොමු කිරීමේ දී පාසැල් යන වයසේ දරුවන් පාසැල් නොයාම විශාල ගැටලුවක් බවත් ඒ සදහා නොවිධිමත් අධ්‍යාපන ඒකක ඉතා ශක්තිමත් කොට ඇති බවත් යම් ළමයෙකු පිළිබද තොරතුරු අනාවරණය වුවහොත් නොවිධිමත් අධ්‍යාපන ඒකකය වෙත වාර්තා කරන ලෙසත් , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබදවත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත්) නිමල් හෙට්ටිආරච්චි මහතා මෙහිදි නිලධාරීන් දැනුවත් කලහ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ළමයින් ළමා ශ්‍රමිකයන් බවට පත්වීමට හේතු සාධක පිළිබදවත් , ඒවා මැඩපැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදවත් කුරුණෑගල දිස්ත්‍රික් මනෝසමාඩීය නිලධාරිනී කාංචනා සුභසිංහ මහත්මිය විසින් පෙන්වා දුන්නාය. විශේෂයෙන් මව්වරුන් විදේශගතවීම තුලින් පවුලේ වගකීම් ළමුන් වෙත පැවරීම නිසා මෙම තත්වය උදාවී ඇති බව ඇය පෙන්වා දුන්නාය.

    ළමා ශ්‍රමයට අදාල නීතිමය පසුබිම පිළිබද කුරුණෑගල කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරි මුණසිංහ මහතා නිලධාරීන් දැනුවත් කලේය.

    කුරුණෑගල දිස්ත්‍රික් ළමා ආරක්ෂක අංශය මගින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සත්කාරක දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya