මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නංවන්න රුපියල් මිලියන 220 ක්

    මාර්තු 31, 2018

    ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය නංවාලීමේ අරමුණින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය විසින් ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන ආරම්භ කර ඇත.

    මේ සදහා රුපියල් මිලියන 600 ක් වෙන් කර ඇති අතර මේ යටතේ යටිතල පහසුකම් සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය සිදු කෙරේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන සදහා රුපියල් මිලියන 220 ක් වෙන් කර ඇත. මෙහි ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම සදහා අවශ්‍ය කර්මාන්ත වැඩි දියුණු කර ගැනීම හා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා උපකරණ ලබා දීම ආරම්භ කර ඇත .

    කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක් සඳහා කෘෂි උපකරණ , කාර්මික උපකරණ, රූපලාවන්‍යාගාර උපකරණ‍, වඩුවැඩ කට්ටල ඇතුලු ස්වං රැකියා සදහා අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කරන අතර මෙහි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 12,341 කි. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් සදහා මෙම උපකරණ ලබා දී ඇත.

    මේ පිළිබදව අදහස් දක්වන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා, අපි ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහන යටතේ කෘෂි උපකරණ, කාර්මික උපකරණ ඇතුළු ස්වයං රැකියා සදහා අවශ්‍ය උපකරණලබා දෙනවා. අපේ සමහර අය උදැල්ලක් දුන්නොත් ,පොහොර දුන්නොත් ඒක කඩේට විකුණල ගිනි වතුර බොනවා. අපි මේ ලබාදෙන භාණ්ඩ කවුරු හරි විකුණල තිබ්බොත් ඒ විකුණපු අයට පොදුදේපල පනත යටතේ නඩු දාන්න කටයුතු කරන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya