නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - රැකියා සේවා මධ්‍යස්ථානයෙන් හා වෘත්තීය මාර්ගෝපදේශ අංශයෙන් නව රැකියා 1309ක්

    මාර්තු 28, 2018

    මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති රැකියා සේවා මධ්‍යස්ථානය මගින් 712 දෙනෙකු හා වෘත්තීය මාර්ගෝපදේශ අංශය මගින් 597 දෙනෙකු වශයෙන් 1309 දෙනෙකු රැකියාගත කර තිබේ.

    මේ බව අනාවරණය වූයේ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය.

    සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, දෙමාපියන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, අවදානමට ලක් වූවන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, රැකියා විරහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු කිරීම, උපාධිධාරීන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම, රැකියා පොළ පැවැත්වීම, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පැවැත්වීම, ස්වයං රැකියා සඳහා පෙළඹවීම, රැකියා සමාජ වැඩසටහන් පැවැත්වීම, අවශ්‍යතාමත පුහුණු අවස්ථා සලසා දීම, තාක්ෂණික සහාය ලබාදීම, ව්‍යවසායකත්ව හා ස්වයංරැකියා වැඩසටහන් මගින් රැකියාගත කිරීම, ඍජු රැකියාගත කිරීම් ආදී වැඩසටහන් රැසක් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තෙම්න්තුව මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නැංවේ.

    ඒ සඳහා වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, මානව සම්පත් සහකාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික්ම ට්ටමින් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වේ.

    මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් ඒස්.කේ. වැල්ලෙහ්වා මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනවිය, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තෙම්න්තුවේ පර්යේෂණ හා සැලසුම් අංශයේ අධ්‍යක්ෂ සංගීත් දිසානායක මහතා, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තෙම්න්තුවේ ප්‍රගති මෙහයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ලලිත් ගුණරත්න මහතා ඇතුළු ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරමින් 100 ට ආසන්න නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

     
    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- මාතර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya