මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති විද්‍යාලයට වේදිකාවක් සහිත ප්‍රධාන ශාලාවක්

    ජූලි 15, 2014
    මෝදර, බ්ලුමැන්ඩල් පාර, අගමැති විද්‍යාලයට ප්‍රධාන අවශ්‍යතාවක්ව පැවැති පන්ති කාමරයක් ඇතුළු ව වේදිකාවක් සහිත ප්‍රධාන ශාලාවක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.
     
    මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රධාන අවශ්‍යතාවක්ව පවතින වේදිකාවක් සහිත ප්‍රධාන ශාලාවක් ඉදිකර දෙන ලෙස එම විදුහලේ විදුහල්පතිනිය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් අධ්‍යාපනය හදාරණ පාසලක් වීම හා කිසිදු පාර්ශවයකගේ අවධානය යොමු නොවූ පාසලක් වීම යන කරුණු පිළිබඳ ව අවධානය යොමු කරමින් එම පාසලට පංති කාමරයක් ඇතුළු ව වේදිකාවක් සහිත ප්‍රධාන ශාලාවක් ලබාදීමට තීරණය කොට ඇත. 
     
    මෙම පාසලේ පවතින ප්‍රධාන ශාලාවක අඩුපාඩුව ඇතුළු අනෙකුත් ගැටලු සොයා බැලීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (14) දින එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    ප්‍රධාන ශාලාවක් ඉදිකිරීමට යෝග්‍ය භූමිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සැලැස්මක් කඩිනමින් සකස්කර තමාවෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට රජයෙන් මුදල් වෙන් නොවන බවත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සමාජ සත්කාරක සේවාවක් ලෙසින් මෙම කටයුත්ත ඉටුකරදීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.  
     
    1979 වසරේදී ආරම්භ කරන ලද මෝදර බ්ලුමැන්ඩල් පාර අගමැති විද්‍යාලයේ විවිධ ආගම් හා ජාතීන් නියෝජනය වන දරු දැරියෝ අධ්‍යාපනය හදාරති. දරු දැරියන් 400කට ආසන්න පිරිසක් විද්‍යාලයේ අධ්‍යපනය හදාරන අතර එම දරුදැරියන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්වීම විශේෂත්වයකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මෙම විද්‍යාලයේ පංති පැවැත්වේ. අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වැඩි වශයෙන් පාසලේ අධ්‍යාපනය හැදෑරීම හේතුවෙන්  පාසලේ සංවර්ධන අරමුදල් ගෙවීම පවා එම පවුල්වලට නොහැකි වී තිබේ. 
     
    මෙහිදී අදහස් දැක්වූ අගමැති විද්‍යාලයේ විදුහල්පතිනී එම්.එස්. සේනානි ද කොස්තා මහත්මිය ප්‍රකාශ කර සිටියේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් අධ්‍යාපනය හදාරන මෙම පාසලේ අඩුපාඩු රැසක් පවතින බවත් 1991 වර්ෂයේ සිට මේ දක්වා පාසලේ කිසිදු අලුත්වැඩියාවක් හෝ සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බවත්ය.
     
    මෙම නිරීක්ෂණ අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP WW BLUMENDAL SCHOOL INSPECTION 1
     
     
    MP WW BLUMENDAL SCHOOL INSPECTION 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya