මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල සහ කොටහේන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර 18 වැනිදා සිසු අයිතියට

    ජූලි 15, 2014
    කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ලබන 18 දින පෙරවරු 7.30ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත්කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් පාසල් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ එස්.එල්.එම්.ඩී. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසයි.


    මේ අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ යන යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.

    එදින පෙරවරු 10.30ට කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමත්, තාක්ෂණ විද්‍යාපීඨය සඳහා මුල්ගල තැබීමත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    මේ අවස්ථාව සඳහා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද සහභාගිවීමට නියමිතය.

    NDH 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya