මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ළමුන්ට සමානව සැලකිය යුතුයි

    ජූලි 15, 2014
    පාසල්වලට ඇතුළත් වන සියලුම ළමයින්ට සමානව සැලකිය යුතු මෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි කරුණුවලදී සමානාත්මතාව අත්‍යවශ්‍ය බවත් කුමන හේතුවක් මත හෝ කිසිවෙකු ප‍්‍රතික්ෂේප නොකළ යුතු යැයි මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්දුල රණවීර මහතා පැවසීය.
     
    අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ අදහස් පළ කළේ එතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2014 වර්ෂයේ මාතර දිස්ත‍්‍රික් ළමා සංවර්ධන කමිටුව තෙවන වරට රැස්වු අවස්ථාවේ දී ය. රැස්වීම පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැතිණි. .
     
    "ළමයින් සම්බන්ධ ගැටලුවලදී පාසලෙන් ළමයා ප‍්‍රතික්ෂේප කිරීම වෙනුවට සිදුවීමට අදාළ හේතු සෙවීම කළ යුතුයි. මේ පිළිබඳ ව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා ඉදිරියේදී සුහදශීලී වැඩමුළු මාලාවක් සංවිධානය කළ යුතුයි".
     
    ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් කොතෙක් කළ ද ළමා අපචාර, ළමා අපයෝජන, ළමා හිංසනය සහ ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල අඩුවක් නොපෙනෙන බවත් පෙන්වා දුන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඒ නිසා මේ සම්බන්ධයෙන් දිස්ත‍්‍රික්කයක් වශයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකළ යුතු බවද පෙන්වා දුන්නේය.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොලිසිය සහභාගි වූහ.   
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය මෙම රැස්වීම සංවිධානය කරන ලදි.
     
    DB/ TI - dmu matara
     
    2014 07 10 lama 4
     
     
    2014 07 10 lama 5
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya