මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා සංවර්ධනය ඉල්ලා එළියට බැස්සා, අද සංවර්ධනය එපා කියනවා

    ජූලි 15, 2014
    අද සංවර්ධනය පිළිබඳ තිබෙන්නෙ වැරදි අදහසක් බවත් එදා සංවර්ධනය ඉල්ලා එළියට බැස්ස ද අද සංවර්ධනය කරන විට එපා කියන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
     
    "කොළඹ කේන්ද්‍ර කරගෙන පැවති දැයට කිරුළ දැන් ඉන් පිටතට ගොස් ගම් නියම් ගම්වල දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත් වෙලා. මේක නිකම්ම නිකම් ප‍්‍රදර්ශනයක් පමණක් නොවෙයි, මහා දැවැන්ත සංවර්ධන ක‍්‍රියාවලියක්. අපේ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල බොහෝ දේශපාලන පක්ෂ තරුණ ශක්තිය, තරුණ ජවය භාවිත කළේ රටේ සංවර්ධනය, අභිවෘද්ධිය වෙනුවෙන් නො වේ. රටේ ආණ්ඩු පෙරළන්න. ජාතිවාදය ගොඩනගන්න. පටු අරමුණුවලින් ඔබ්බට ගිහිල්ලා අපේ ගම්වල දරුවන්ට රටේ සංවර්ධනයට ඍජුව සම්බන්ධ වෙන්න දැන් පුළුවන්. ජාතියට කිරුළු පළඳවන්න නම් තරුණයන් අමතක නොකළ යුතුයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා දැයට කිරුළ ප‍්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාලයේ නොපැවතුණත් එහි සංවර්ධන කටයුතු කලින් සැලසුම් කළ ආකාරයෙන් ම සිදු කරන ලෙස".
     
    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිත මාතර, කඹුරුගමුව - කොටවිල ප‍්‍රදර්ශන භූමියේ මුල්ගල් තැබීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. 
     
    මාතර එඩිතර, අවංක, බුද්ධිමත් ජනතාව ජීවත් වන දිස්ත‍්‍රික්කයක් බවත් දැයට කිරුළ මාතරට ගෙන ඒමට ලැබීම මහත් ජයග‍්‍රහණයක් බවත් පෙන්වාදුන් නාමල් රාජපක්ෂ මහතා එමගින් දකුණේ වැසියන්ට කිරුළු පළඳවන්න හැකි වෙතැයි ද පෙන්වා දුන්නේය.
     
    මෙහිදී මන්ත‍්‍රීවරයා අතින් දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ නා පැළයක් රෝපණය කිරීම හා දැයට කිරුළ සමරු ඵලකය විවෘත කිරීම ද සිදු විය.
     
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, දැයට කිරුළ කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.
     
    මේ අවස්ථාවට ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක ගැටමාන්නේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා දේශපාලන නායකත්වය හා අමාත්‍යංශ ලේකම්වරු, දකුණු පළාත් ප‍්‍රධාන ලේකම්වරිය, මාතර දිස්ත‍්‍රික් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.  
     
    DB/ TI - dmu matara
     
    MP NAMAL DEYATAKIRULA 2015 2
     
     
    MP NAMAL DEYATAKIRULA 2015 3
     
    MP NAMAL DEYATAKIRULA 2015 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya