මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු අපනයන බෝග ව්‍යවසායකයන්ටත් ජාතික සම්මාන

    ජූලි 14, 2014
    සුළු අපනයන බෝග ක්ෂේත්‍රයේ නියැළී සිටින පාර්ශවයන් සඳහා ජාතික සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඉසව් කිහිපයක් යටතේ සම්මාන පිරිනැමීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇති බවත් මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට එක්වෙමිනි.


    වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා; හොඳම වගාකරු (ගම්මිරිස්, කුරුඳු, කජු), හොඳම අපනයනකරු (ගම්මිරිස්, කුරුඳු), හොඳම අගය එකතු කළ නිෂ්පාදන සැපයුම්කරු යනාදී වශයෙන් ත්‍යාග සහ සම්මාන පිරිනැමීමට සැලසුම් කර තිබේ. තරග කොන්දේසිවලට අනුව කෘෂි ක්ෂේත්‍රයේ නියැළෙන්නන් හට මේ තරගය සඳහා ඉදිරිපත් විය හැකි බවත් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 20  දින බවත් ඔහු සඳහන් කළේය.


    මෙවැනි තරග පැවැත්වීමෙන් කෘෂි ක්ෂේත්‍රයේ නියැළෙන්නන් දිරිගැන්වීමටත් නව වගාකරුවන් ක්ෂේත්‍රයට එක් කර ගැනීමටත් රජය බලාපොරොත්තු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.


    මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරීහු එක්ව සිටියහ. 



    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya