මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්කුඩා කලාපයට නව මහින්දෝදය තාක්ෂණ පීඨ දෙකක්

    ජූලි 14, 2014

    මඩකළපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා අධ්‍යාපන කලාපයේ කිරාන් මහා විද්‍යාලයේ හා සිත්තන්ඩි - වන්දාරමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත මහින්දෝදය තාක්ෂණ පීඨ සඳහා මුල්ගල් තැබීම පසුගිය දින නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


    රුපියල් මිලියන 250 බැගින් වැය කොට ඉදිකිරීමට යෝජිත මෙම තාක්ෂණ විද්‍යාගාර මහල් තුනකින් යුතුව ඉදි කෙරේ. මෙම තාක්ෂණ විද්‍යාගාර දෙකක මේ වසරේ දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් ම ඉදිකිරීම් අවසන් කොට සිසු අයිතියට පැවරීමට සැලසුම් කොට ඇත. මෙම අවස්ථාවන් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB / LDA dmu batticaloa
     
    batti new school sience faculty 1
     
     
    batti new school sience faculty 2
     
    batti new school sience faculty 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya