මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙදා ඌවේ වීරෝධාර ජනතාව දේශද්‍රෝහී දේශපාලන පක්‍ෂ අන්ත පරාජයට පත් කරනවා

    ජූලි 14, 2014
    එදා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව කැරැල්ල මෙහෙයවා මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ගේ රක්ත වර්ණ රුධිරයෙන් උපත ලැබූ ඌවේ වීරෝධාර ජනතාව මෙදා අධිරාජ්‍යවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම උදෙසා දේශද්‍රෝහී දේශපාලන පක්‍ෂ ඌව පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාජයට පත්කිරීම ඉර, හඳ වගේ විශ්වාස බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගියදා තලාව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් එක් කෝටි හැට ලක්‍ෂයකි.

     

    මැතිවරණයකදී ජනතාව ඡන්දය දෙන්නේ පක්‍ෂ දිනවීමට නොව රට දිනවා දරු මුනුපුරන්ගේ අනාගතය ගොඩනැගීමටයි. 2005 වන විට 30 අවුරුද්දක් ත‍්‍රස්තවායෙන් බැට කෑ ජනතාව මව්බිම නිදහස් කර දෙන ලෙස ඉල්ලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත් කළා. ලේ පිපාසිත ප‍්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ. කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ කළ මහින්ද රාජපක්‍ෂ රජය පැවැත් වූ සියලු මැතිවරණවලදී අති විශිෂ්ට ජයක් ලබා දීමට ජනතාව කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

    තවදුරටත් අදහස් දක්වමින් කතා කළ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. යුද්ධය පැවති යුගයේ දී මානුෂික මෙහෙයුම පැවති සමයේ ද එ.ජා.ප.ය හා ජ.වි.පෙ. ප‍්‍රමුඛ ඇතැම් විරුද්ධ පක්‍ෂ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් රණ විරුවනුත් හෑල්ලුවට ලක් කළා. එපමණක් නොව යුද්ධය පිළිබඳ අමු බේගල් දොඩවමින් එල්.ටී.ටී.ඊ. හිතවත් ජාත්‍යන්තර රටවලට ජනාධිපතිතුමාත් රජයත් පාවා දීමට කටයුතු කළා. දේශද්‍රෝහියා කව්ද දේශපේ‍්‍රමියා කව්ද කියා හරි හැටි අවබෝධයක් ජනතාවට තිබුණා. එහි ප‍්‍රතිඵලය වූයේ විරුද්ධ පක්‍ෂය ජනතාව විසින් කුණු කූඩයට ඇද දැමීමයි.

    මේ අවස්ථාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන, උතුරු මැද පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල හා තලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපාලි ගුණවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya