මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ කාබනික පොහොර දිරිගැන්වීමේ වැඩසටහනක්

    ජූලි 14, 2014
    මාතලේ දිස්ත්‍රික්කය තුළ වී සහ අනෙකුත් අතිරේක බෝග වගාවන් සඳහා කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම සඳහා වැඩසටහනක් රැසක් ක්‍රියාවට නංවා ඇත. 


    2013 දී මාකඳුර පර්යේෂණ ආයතනයෙන් මුහුන් කිලෝ 17,500ක් ලබා ගෙන කිලෝ 5 බැගින් වූ පැකට් 2500ක් සකස් කර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දීම මේ යටතේ සිදු කෙරිණි. 

     

    2014 වර්ෂය සඳහා වී වගා කිරීමට ගොවීන් 200ක් සඳහා එක් ගොවියෙකුට කාබනික පොහොර කිලෝ 500 බැගින් ද ලොකු ලූනු වගා කිරීමට ගොවීන් 150 දෙනෙකු සඳහා එක් ගොවියෙකුට කිලෝ 1000 බැගින් හා එළවළු වගා කිරීමට ගොවීන් 40ක් සඳහා එක් ගොවියෙකුට කිලෝ 1000 බැගින් කාබනික පොහොර ලබාදීමට කටයුතු සැලසුම් කොට තිබේ.


    මේ කාබනික පොහොර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති වාණිජ කාබනික පොහොර නිෂ්පාදන සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීමට බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී සාකච්ඡා කළ බව මාතලේ දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     

    NDH/GNK-ISB dmu matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya