මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගවේලායුදපුරම් සහ කංචිකුඩිච්චිආරු ගම්මාන සංවර්ධනය කිරීම හෙට ඇරඹෙයි

    ජූලි 14, 2014

    අම්පාර තංගවේලායුදපුරම් සහ කංචිකුඩිච්චිආරු ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන හෙට (15) පෙරවරු 10.00ට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් තිරුක්කෝවිල්හි කංචිකුඩිච්චිආරු - තංගවේලායුදපුරම් හන්දියේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරේ.


    අලුතින් බස්රථයක් ධාවනයට එක් කිරීම, කෝවිලක් ඉදිකිරීමට මුල්ගල තැබීම, ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත නිවසක වැඩ ආරම්භ කිරීම, පොදු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, අලි වැට ඉදිකිරීම, වගා ළිං ඉදිකිරීම, පාසල් දරුවන්ට පාපැදි බෙදාදීම සහ වගා ණය සඳහා චෙක්පත් ප්‍රදානය යන වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ අවස්ථාවට පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා, අම්පාර දිස්ත්‍රික් මැති ඇමතිවරුන් හා නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya