මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනගහන දින සැමරුම ඇමැති බැසිල්ගේ ප්‍රධානත්වයෙන්

    ජූලි 14, 2014
    ලෝක ජනගහන දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල මගින් සංවිධානය කරනු ලද සැමරුම් උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින ජයික් හිල්ටන්හිදී පැවැත්විණි. 
     
    සෑම වසරකම ජූලි 11 වන දිනට යෙදී ඇති ලෝක ජනගහන දිනය සැමරීම ආරම්භ කර ඇත්තේ 1989 වසරේදීය. මෙවර සමරනු ලබන්නේ 25 වන ලෝක ජනගහන සැමරුම් දිනයයි. 
     
    "තරුණ පරපුර වෙනුවෙන් ආයෝජනය කිරීම" යන්න මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව වී ඇත. මෙහිදී  ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදල මගින් ව්‍යාපාරික, සෞඛ්‍ය, පරිසර සංරක්ෂණය, සාමය සහ සහජීවනය, අධ්‍යාපනය, සංගීතය සහ ක‍්‍රීඩාව යන අංශයන්ට විශිෂ්ට දායකත්වයක් ලබාදී සාර්ථකත්වයට පත් අප රටේ තරුණ තරුණියන් පිළිබඳ ව සම්පාදනය කරන ලද, "තරුණ පරපුර වෙනුවෙන් සිදුකළ ආයෝජනයන්ගේ ප‍්‍රතිලාභ ලැබීම" යන ග‍්‍රන්ථය දොරට වැඩීමද සිදුවිය. 
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, විදේශ තානාපතිවරුන්, රජයේ උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  
     
    DB
     
    MP BR POPULATION DAY 1
     
     
    MP BR POPULATION DAY 2
     
    MP BR POPULATION DAY 3
     
    MP BR POPULATION DAY 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya