අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සමස්ත ප්‍රතිශතය මෙන්න

    පෙබරවාරි 10, 2018

    අද සවස 04න් අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ  ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ සමස්ත ප්‍රතිශතය 77% බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්. ටි. කොඩිකාර මහතා පවසයි.

    පළාත් පාලන ආයතන 19 ක ඡන්දය පැවැති අතර දිස්ත්‍රික්කය පුරා සාමකාමි වාතාවරණයක් පැවති අතර සුළු සිද්ධින් කිහිපයක් හැරුනු විට  කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    දිස්ත්‍රික්කය පුරා ගණන් කිරිමේ පරිශ්‍රයන් 257ක ඡන්ද ගණන් කිරි‍මේ සවස 04.30ට ආරම්භ කෙරුණු අතර කොට්ඨාස මට්ටමින් ප්‍රථම ප්‍රතිඵල සවස 7.30 වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයිද රාත්‍රි 10 ට පෙර දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් ආරම්භ කරන බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා පෙන්වා දුන්නේය.

     

    දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශයන් හි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71% - 84% අතර පරාසයක පැවතුණු අතර නෙළුව පළාත් පාලන අයතන බල ප්‍රදේශයේ 84%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වි ඇත. එමෙන් ම ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 74%කි. ගාල්ල දිස්ත්‍රක්කයේ අවම ඡන්ද ප්‍රතිශයක් වාර්තා වි ඇත්තේ අක්මිමණ සහ බොපෙපෝද්දල යන බල ප්‍රදේශයන්ගෙන් වන අතර එය එය 71%ක් ලෙස සටහන් වු බවත් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya