මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් 53ක් සඳහා "ජන සෙවණ" නිවාස ආධාර

    ජූලි 10, 2014
    අලුතින් නිවසක් ඉදිකර ගැනීමට හෝ නිවසක් අලුත්වැඩියා කර ගැනීමට කිසිදු ආකාරයකින් හැකියාවක් නොමැති දිවයිනේ තවත් අඩු ආදායම්ලාභී අසරණ පවුල් 53ක් වෙත රුපියල් ලක්ෂ 44ක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී සිදුකෙරිණ.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන "ජනසෙවණ" නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනැමීය. 
     
    කඩුවෙල, අතුරුගිරිය, රාජගිරිය, දික්වැල්ල, මිල්ලනිය, ඌරාපොළ, පුවක්පිටිය, මෝදර, කොස්ගම, හංවැල්ල, කෝට්ටේ, පාදුක්ක, හෝමාගම, මීගොඩ යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල් 53ක් සඳහා නිවාස මූල්‍යාධාර මෙදින ප්‍රදානය කෙරිණ. මේ සඳහා මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "සෙවණ" අරමුදල මගිනි.
     
    ජීවත්වීමට සුදුසු නිවාස නොමැති මෙම පවුල් වෙත නිවාස ඉදිකරගැනීමට සහ අලුත්වැඩියා කරගැනීම සඳහා උපකාරී වීම සම්බන්ධයෙන්  මෙහිදී මෙම පවුල්වල සාමාජිකයෝ ජනාධිපතිතුමාටත් විමල් වීරවංශ අමාත්‍යතුමාටත් සිය ස්තූතිය පළ කර සිටියහ.
     
    මෙම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, ප්‍රතිලාභීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    MP WW HOUSEING AIDS 1
     
     
    MP WW HOUSEING AIDS 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya