මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා සතියට පොලොන්නරුවේ වැඩසටහන් රැසක්

    ජූලි 10, 2014
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති "2014 සමාජ ඒකාබද්ධතා සතිය" ලබන 14 සිට 20 දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 

    මෙහි ප්‍රධාන උත්සවය ඇතුළු වැඩසටහන් රැසක් පොලොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත. ඒ අනුව සමාරම්භක දිනය වන ජූලි 14දා පොලොන්නරුව වෛජයන්ති ප්‍රාසාදය අභියසදී "නාද යාත්‍රා" නම් සංස්කෘතික ප්‍රසංගයක් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    එදිනම උදෑසන ජාතික ඒකාබද්ධතා ගවේෂණ චාරිකාවක් සිංහල, දෙමළ හා මුස්ලිම් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සොළොස්මස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. එදින පෙරවරු 10.00ට අමාත්‍යවරුන් වාසුදේව නානායක්කාර හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහභාගි වන මහජන සංසදය පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මුළුදීමට නියමිතය.

     

    මෙයට අමතරව ජාතික ඒකාබද්ධතා කිලිනොච්චි මධ්‍යස්ථානය විවෘත කිරීම, ජංගම සේවා, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වැඩසටහන් සහ කාන්තා වැඩසටහන් කිහිපයක් කිලිනොච්චිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. 

     

    මෙයට අමතරව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් හා ප්‍රජා වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට ද පියවර ගෙන තිබේ. 

     

    මේ අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya