මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළ සඳහා මාතරට මිලියන 10,000ක්

    ජූලි 10, 2014
    මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමි දෙක හා අවට මං මාවත්, ජලය, විදුලිය ඇතුළු සියලු පොදුපහසුකම් නංවාලීමට රුපියල් මිලියන දසදහසක් වැයවනු ඇතැයි රජය පවසයි. 
     
    දැයට කිරුළ හා සමගාමීව මාතර, කඹුරුගමුව, කොටවිලවත්ත සම්පූර්ණයෙන්ම නව නගරයක් සේ නවීකරණය කිරීම ද නියමිතව ඇත.
     
    මීට අමතරව මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහල අවට අක්කර 24ක භූමිය පොදු පහසුකම්වලින් සම්පූර්ණ කිරීමට ද යෝජිතය.
     
    ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය ඇතුළු ප‍්‍රධාන රාජ්‍ය ආයතන එක්ව මාතර ජනතා සුබසෙත උදෙසා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya