මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් තාක්ෂණික පුහුණු වැඩසටහන්

    ජූලි 10, 2014
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2014 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන්හට, ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    ඒ යටතේ කාන්තා පාවහන් නිෂ්පාදනය පිළිබඳ දින 5ක තාක්ෂණික පුහුණු පාඨමාලාවක් අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.
     
    මූලික තාක්ෂණය, කාලීන නවීන මෝස්තර නිර්මාණය, අමුද්‍රව්‍ය ඵලදායීව භාවිතය පිළිබඳ තාක්ෂණය හා ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගන්නා ස්ථාන පිළිබඳ තොරතුරු මෙහිදී ලබා දෙනු ලැබේ.
     
    වැඩසටහන සාර්ථකව අවසන් කරන අය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර  මුල්‍ය පහසුකම් ලබාගැනීම හා කළමනාකරණ, අලෙවි දැනුම සහිතව පසුවිපරම් සේවාවන්ද ලබා දෙනු ලැබේ.
     
    මේ පිළිබඳ ව වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112 815 009 යන දූරකතන අංකයට අමතා හෝ idbcolombo@gmailට ඊමේල් පණිවුඩයක් එවීමෙන් ලබා ගත හැකි වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya