මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැඹිලි අපනයනයෙන් ඉහළ ආදායමක්

    ජූලි 09, 2014


    තැඹිලි අපනයනය කිරීම මගින් මේ වසරේ මුල් මාස තුන තුළ (ජනවාරි-මාර්තු) රුපියල් මිලියන 16.78 ක විදේශ විනිමයක්‌ ලබා ගත හැකි වූ බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    එය 2011 වසරේ මෙම කාලපරිච්ඡේදය තුළ රුපියල් මිලියන 0.062කි. ඒ අනුව 2011 වර්ෂයේ  අදාළ කාලසීමාව තුළ අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය 974කි. 2014 වර්ෂයේ එම කාලසීමාව තුළ  ගෙඩි 294536ක් ලෙස අපනයනය වර්ධනය වී ඇත.තැඹිලි කල් තියාගත නොහැකි වීම මීට පෙර තැඹිලි අපනයනය කිරීමට තිබූ විශාල බාධාවක්‌ විය. දැන් තැඹිලි ගෙඩියක්‌ දින 20ක්‌ පමණ තබා ගත හැක පරිදි ක්‍රමවේදයක්‌ පොල් පර්යේෂණ ආයතනය මගින් සොයාගෙන ඇති බැවින් තැඹිලි අපනයනය මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇත.

    වාණිජ වශයෙන් විශාල ලාභයක්‌ තැඹිලි අපනයනය කිරීමෙන් ලබාගත හැකි වන අතර, මෙරටින් වැඩි තැඹිලි ගෙඩි ප්‍රමාණයක් මැද පෙරදිග රටවලට අපනයනය කෙරෙන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya