මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ පරිසරයට යෝගට් බඳුන්වලින් බලපෑම්

    ජූලි 09, 2014
    කොළඹ දිස්ත්‍රික්කයේ පරිසර දූෂණයට යෝගට් බඳුන් විශාල ලෙස හේතු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය වහාම යොමු විය යුතු බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.
     
    යෝගට් බඳුන්වලින් පරිසරයට වී ඇති බලපෑම් මෙන් ම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව දැනුම් දී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති පරිසර හා ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ය.
     
    මෙම කරුණ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ ලිපිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ දැනට ක්‍රියාත්මක වන ජාතික පාරිසරික පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිෂ්පාදකයාට බල කිරීමට මෙම පනත යටතේ ඍජු ප්‍රතිපාදන නොමැති බවත් මෙම අවස්ථාවට එක්ව සිටි මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ජාගොඩ මහතා පැවසීය.
     
    මෙම ගැටලුවට නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා යෝජනාවක් පරිසර අමාත්‍යංශය වෙත යොමු කිරීම සුදුසු බව මෙහිදී තීරණය කෙරිණි. 
     
    කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසල වෙන් කර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාමීයව ජනතාව සමග සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම තුළින් වඩා හොඳ ප්‍රතිඵල අත්වන බවත් අනාවරණය විය.
     
    මෙම රැස්වීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගී වී සිටියහ.
     
    DB / JM dmu Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya