මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක්

    ජූලි 09, 2014

    මෙම වසරේ ප්‍රථම මාස 06 තුළ වැඩිම තේ නිෂ්පාදනයක් මැයි මාසයේදී වාර්තාගත වී ඇත. සමස්ත සේවා නිෂ්පාදනය කි.ග්‍රෑ.මෙ. ටොන් 390045 වන බව වාර්තා වේ.  


    2013 මැයි මාසයේදී ලද තේ නිෂ්පාදනය හා සසඳා බැලීමේදී කි.ග්‍රෑ.මෙ. ටොන් 5400ක වැඩිවීමක් වන අතර මෙය 2014 වර්ෂයේදී ලබා ගත් ප්‍රශස්ත නිෂ්පාදන මට්ටම වේ.


    මෙම තේ නිෂ්පාදනය වැඩිවීම‍ට ප්‍රධාන සාධක 03ක් බලපාන ලද බව තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් යූ.කේ.එස්. මිහිඳු කුලසූරිය මහතා ප්‍රකාශ කළේය.  විශේෂයෙන්ම රජය මගින් 2014 අයවැය මගින් ‍කුඩා තේ වතු හිමියන්  සඳහා පාංශු හා ජල සංරක්ෂණ කටයුතු සඳහා රු. 5000 බැගින් රු.මිලියන 75ක මුදලක් බෙදා දීම තුළින් ක්‍රමානුකූල වගා සංරක්ෂණයක් ඇති වීම මෙම කරුණු අතර ප්‍රමුඛස්ථානය ගනී. තවද  තේ ගොවීන් විසින් සහනාධාර ක්‍රමය යටතේ පොහොර යෙදීම හා යහපත් වර්ෂාපතනය හා යහපත් කාලගුණික තත්ත්වයන් මෙම තේ නිෂ්පාදනය වැඩිවීම‍ට හේතු වී තිබේ.


    මීට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද පසු අස්වනු හානි වැඩපිළිවෙළ මෙම වර්ධනය සඳහා බලපා තිබේ.


    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya