මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සඳහා මුදල් වෙන් කිරීමේ දී පැවැති බාධා ඉවතට - තැපැල් ඇමැති

    ජූලි 26, 2017
    ජාතික සහ පළාත් වශයෙන් වර්ගීකරණය  කර තිබු රටේ පාසල් පද්ධතිය රජයේ නව දැක්ම තුළ සුවිශේෂී වෙනසකට භාජනය කරනු ලබු බවත්  ඒ තුළින් පළාත් පාසල් මුහුණු පෑ බොහොමයක් දුෂ්කරතාවයන් මග හරවා ගැනීමට හැකියාව ලැබුණ බවත්  තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා  ප්‍රකාශ කරයි. 
     
    අවිධිමත් යටිතල පහසුකම් හා ගුරු හිඟය බෙහෙවින්  පළාත් පාසල් කෙරේ බලපා තිබු බව ද ආසන්න පාසල් රැසක් පසුකර නගරයේ පාසල් වෙත සිසුන් සේන්දු වීම එහි භයානකම ප්‍රතිඵලය වු බව ද ඒ නිසාම  ග්‍රාමීය පාසල් වැසී යන තත්ත්වයක් රට පුරා නිර්මාණය වී තිබු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ රජය  කඩිනම් විසඳුමක් ලෙස   පළාත් සභාවෙන් පාසල් වෙත මුදල් වෙන් කරනවා වෙනුවට  පාර්ලිමෙන්තුවෙන් මුදල් වෙන් කිරීමට තීරණය කරනු ලැබිණි. එයින් දිවයිනේ බොහොමයක් පාසල් තුළ පැවැති ගැටළු නිරාකරණය කර ගැනීමට  අවස්ථාව උදා වු බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ හැත්තෑවන සංවත්සරයේ සැමරුම්  උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මෙහිදී විශේෂ සමරු මුල්දින කවරයක්  නිකුත් කිරීම සිදු කෙරුණි.  මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධර්මසේන දිසානායක , කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, උතුරු මැද නියෝජ්‍ය තැපැල්පති චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතැළු සම්භාවනීය පිරිසක් එක්වූහ.
     
    මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සුවිශේෂී ඉතිහාසයකට උරුමකම් කියන මෙම පාසල තුළින් රටට දැයට අගනා දූ පුතුන් රාශියක් බිහි කොට ඇති බවයි. සිසු දරු දරියන් අට දෙනෙකුගෙන් ආරම්භ කරනු ලැබූ පාසලේ වත්මන් ශ්‍රී විභූතියට  ආදි ශිෂ්‍ය සංගමයත් හා පාසල් සංවර්ධන සමිතියෙත් ඉමහත්  කැපැවීමක් කර තිබෙනවා.  දැනට පාසලේ සිසු සංඛ්‍යව හාරදහස ඉක්මවා යනවා. පුණ්‍ය භූමියක පිහිටා ඇති මේ පාසල සමස්ත පාසල් පද්ධතියට ආදර්ශයක් ලෙසයි මා දකින්නේ. මන්ද කොළඹින් බොහෝ දුර ඈතක මෙවැනි පාසල් නිර්මාණය වී තිබීම ශිෂ්‍ය ප්‍රජාව ලද භාග්‍යක්. මේ පාසල අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ අංශ නියෝජනය කරමින්  ජයග්‍රහණ රැසක් අත් කරගෙන ඇති බව පැවසෙනවා. හිටපු අධ්‍යපන අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලනඥයෙකු වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයකට අනුව බිහි වු මධ්‍ය විද්‍යාල පනස් හතරෙන් මේ පාසලත්  එකක් වීම සුවිශේෂයි . සමස්තයක් වශයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ඉංජිනේරු, බැංකු හා රාජ්‍ය මෙන් රාජ්‍ය නොවන සෑම  ක්ෂේත්‍රයක් තුළ ම  පාසල නියෝජනය කිරීමට සමත් පිරිසක් බිහිකර තිබෙනවා. එය ඒ වෙනුවෙන් කැපවීම් කළ සියලු දෙනාටම ආඩම්බරයක්. පසුගිය වසරේ අපොස (සා.පෙළ) විභාග ප්‍රථිපල අනුව කොළඹ ඇතුළු නාගරික පාසල් අභිබවායමින් දිවයිනේ හොඳම පාසල් දහය අතරට  මේ පාසලේ නම ඇතුලත් වී තිබෙනවා. එය විශිෂ්ට ජයග්‍රහනයක්,  යයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදි අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya