අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර වාහන කොල්ල කල්ලිය මර්ධනය කිරීමට කටයුතු අරඹයි

    ජූලි 24, 2017
    මහනුවර නගරයේ වාහන සොරා ගන්නා කල්ලියක් සිටින බවත්, ඔවුන් මැඩ පැවැත්වීමේ කටයුතු සාර්ථකව සිදු කෙරනෙ බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා පවසයි. 
     
    පසුගියදා මහනුවරදී පෞද්ගලික බස් රථයක් පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ඔවුන්ගෙන් එක් කල්ලියක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. එම බස්රථය මුල්ලේරියාව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත්, ඊට අදාල පිරිස මේ වන විටත් හඳුනාගෙන ඇත. 
     
    නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අද (24) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමාජ සවිබල ගැන්වීම් සුභ සාධන සහ උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්විය.
     
    මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ පැහැර ගැනීම් වැඩි වශයෙන් සිදු වුවත් මෑතකදී මෝටර් රථ පැහැර ගැනීම්ද වාර්තා වන බවයි. 
     
    මෙම වාහන කොල්ල කල්ලිය මාල කැඩීම් ඇතුළු නීති විරෝධි කටයුතු සඳහා එම වාහන යොදා ගන්නා ආකාරය පිළිබඳවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව දැනුවත් කරන ලදී. එබැවින් වාහන නතර කර යන විට ඒ සඳහා අමතර ආරක්ෂක ක්‍රම භාවිතා කරන ලෙස දැනුම්දුන් මහින්ද ඒකනායක මහතා කොල්ල කල්ලියේ සියළු සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පැවසීය. 
     
    දිස්ත්‍රික්කයේ සාමය සහ සහජීවනය පවත්වා ගෙන යෑම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කොට ඇති බවද පැවසූ ඒකනායක මහතා විශ්ෂයෙන්ම රාත්‍රී කාලයේදී ජංගම පොලිස් සංචාර ප්‍රමාණය වැඩි කොට ඇති බවත් පැවසීය. 
     
    මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් රැසක් කමිටුව සඳහා සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya