මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල ඩෙංගු කමිටුව රැස්වෙයි

    ජූලි 03, 2017

    පසුගිය මාස 06 තුළ රෝගීන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ 4,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත්, මේ වසරේ මේ වන විට මරණ සංඛ්‍යාව 12 දෙනෙකු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සී සිරිතුංග මහතා සඳහන් කළේය.

    ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුව අද දින (03) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    පසුගිය වර්ෂයට සමගාමිව මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් පොදුවේ රටේ මෙම අවධානම් තත්ත්වය සම්බන්ධව, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය සතුටු විය හැකි බවත් ඒ මහතා සඳහන් කලේය.

    එමෙන් ම දිස්ත්‍රික්කයේ වෙරළ බඩ ප්‍රදේශයන්හි මෙම අවදානම් තත්ත්වය ඉහළ ගොස් ඇති බව ද දිස්ත්‍රික් වසන්ගත රෝග ඒකක ප්‍රධානි වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පෙන්වා දුන්නේය. මේ වනවිට ලක්ෂ 20කට ආසන්න මුදලක් දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යොදවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර  මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya