අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් විපතට පත් පවුල් දහසකට ලිට්රෝ සහාය

    ජූලි 03, 2017
    කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් දහසක් සඳහා ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබාදීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කර තිබෙන අතර එය සංකේතවත් කරමින් දස දෙනෙකු වෙත එම ගෑස් ලිප් සහ සිලින්ඩර් ප‍්‍රදානය කිරීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
     
    ගෑස් ලිපකින්, සිලින්ඩරයකින් සහ රෙගියුලේටරයකින් සමන්විත මෙම එක් කට්ටලයක වටිනාකම රුපියල් පන්දහසකට අධිකය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ, අධ්‍යක්ෂ චමින්ද එදිරිවික‍්‍රම, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් සමන්තිකා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya