මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වරට රණවිරු පවුල් 3650ක් වෙනුවෙන් නිවාස

    ජූලි 03, 2017
    රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් රණවිරු පවුල් 3650කට තමන්ගේ ම කියා නිවසක හිමිකමක් නොමැති බවත් වත්මන් ආරක්ෂක අමාත්‍ය ධුරය හොබන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ධුර කාලය අවසන්වීමට පෙර එම රණවිරු පවුල් සඳහා නිවාස ලබාදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා ආණමඩුව "ගම් උදා" භූමියේ ඉදිකරන විරෝධාර "රණවිරු නීරෝ ගම්මානය" සඳහා මුල්ගල් තැබීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.
     
    මෙරට ඉදිවන 423වන උදා ගම්මානය වන මෙම ගම්මානය නිවාස 34කින් සමන්විත වේ. ඒ අනුව මෙහි නිවාස නිවාස නොමැති අඩුආදායම්ලාභීන් පවුල් 34කට පර්චස් 15බැගින් ඉඩම් කොටස් ලබාදීම සිදු කෙරේ. මෙම අවස්ථාවට සමඟාමී ව ඉඩම් නොමැති පවුල් 58කට ඔප්පු ප්‍රදානය කිරීම, පවුල් 120කට සැමට සෙවණ - විසිරි ණය ආධාර ලබාදීම, ශිල්ප සවිය ඉදිකිරීම් කර්මාන්ත පුහුණුව ලබාගත් තරුණ තරුණියන් 150ක් වෙනුවෙන් රුපියල් 46,000ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල පිරිනැමීම, නිල ඇඳුම් කට්ටල හා විෂයානුබද්ධ පෙළ පොත් ලබාදී සිදු කෙරිණි. 
     
    ඉදිරියේ දී නිවාස අමාත්‍යංශය ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි සෙන්පතියන් නමින් උදා ගම්මාන ඉදිකිරීමට කටයුතු කරන බවත් 423වැනි උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් මෙම වසර අවසන්වීමට පෙර ගම්මාන සංඛ්‍යාව 500දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    වත්මන් රජයේ ආයු කාලය තවත් මාස 40කින් අවසන් වන බවත් එම කාලය අවසන්වීමට පෙර උදා ගම්මාන සංඛ්‍යාව 2500ක් දක්වා නංවන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya