මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ශික්ෂණ රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්

    ජූලි 03, 2017
    වකුගඩු රෝග ප්‍රතිකාරවලදී රුධිර කාන්දුකරණ (Dialysis) ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අති පවිත්‍ර ජලය (Ultra Purified Water) නිපදවිය හැකි දෙවන යන්ත්‍රය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් පසුගිය දා මහනුවර ශික්ෂණ රෝහලේ  වකුගඩු ‍රෝග ශල්‍ය ඒකකය වෙත ප්‍රදානය කරන ලදී. එමගින් දිනකදී ටොන් 10 ක අති පවිත්‍ර ජලය නිපදවීමට හැකියාවක් ඇත.
     
    නාවික හමුදාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය නිපදවා ඇත. විදේශීය වෙළෙඳපො‍ළින් මිලදී ගැනීමේදි මෙහි වටිනාකම රුපියල් මිලියන 13ක් පමණ වන අතර, මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය රුපියල් මිලියන 1.7 ක් වැනි අඩු වියදමකින් නිපදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය සමත්වී ඇත.
     
    මහනුවර ශික්ෂණ රෝහලේ සියලු ම වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ නොමද පැසසුමට සහ අනුමැතියට පත් මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් නිපදවන අති පවිත්‍ර ජලය ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයට AAMI (Association of Advance Medical Instrumentation) අනුකූලව නිපදවා ඇත. ස්වාධීන ජාත්‍යන්තර රසායනාගාර මඟින් තහවුරු කොට ඇති උසස් තත්ත්වයේ මල නොබැදෙන උපකරණ සහ අමුද්‍රව්‍යවලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් මාසයක් වැනි කෙටි කාලයක් තුළදී නිපදවීමට සමත්වන ලදී.
     
    මෙම යන්ත්‍රය නිපදවීම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සවිබල ගැන්වීමේ නාවික හමුදා ප්‍රයත්නයන්හි මහඟු කර්තව්‍යයක් ලෙස හැදින්විය හැක. ඉදිරියේදී නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් මෙවැනි යන්ත්‍ර දිවයින පුරා රුධිර කාන්දුකරණ (Dialysis) යන්ත්‍ර ඇති සියලුම රෝහල්හි ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ. 
     
    මේ දක්වා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 223 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය මහජනතාවට ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත. වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පුර්ණයෙන් තුරන් කර "සැමට සුවසෙත" සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කරගෙන යනු ලබන මෙම මහඟු සමාජ සත්කාරය දෙස් විදෙස් සියලු දෙනාගේ නොමද ප්‍රශංසාවට ලක්වී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya