අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය නිසා විනාශ වු කළුතර යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

    ජූලි 04, 2017
    ගංවතුර හා නායයෑම් නිසා විනාශ වූ දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතු මාර්ග, බෝක්කු, පාලම් හා පැතිබැමි යථාතත්වයට පත්කිරිම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය  වැඩසටහනක් දියත් කර ඇත.
     
    ඇති වු ආපදා තත්ත්වය නිසා පළාත් සභාව හා පළාත් පාලන ආයතන සතු මාර්ග179, බෝක්කු74, පාලම්15 හා පැති බැමි 84 විනාශ වී තිබේ. මෙම නිසා සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 609.87 ක් ලෙස දල වශයෙන් තක්සේරු කර ඇත.
     
    පළාත් සභාව සතු විනාශ වු යටිතල පහසුකම් සංවර්ධනය පළාත් මාර්ග සංවර්ධනය අධිකාරිය මගින් සිදුකරනු ලබන අතර පළාත් පාලන ආයතනවලට අයිති යටිතල පහසුකම් සංවර්ධනය එම ආයතන යටතේ සිදුකෙරේ.
     
    මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍ර‍තිපාදන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් සපයනු ලබයි.
     
    මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි, කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් යන මහත්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya