නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මඩකලපුවට

    ජූලි 01, 2017
    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු විශේෂ මුහුදු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය (Multi-Species Marine Fin Fish Hatchery) මඩකලපුවේ දී පසුගිය දා විවෘත කළේය.
     
    රුපියල් මිලියන 150ක වියදමින් ඉදි කරන ලද මෙම අභිජනනාගාරය යුරෝපා සංගමයේ සහයෝගයෙන් හා ලෝක ආහාර කෘෂිකර්ම වැඩසටහන විසින් අප රටට ඉදි කරනු ලැබ දී තිබේ. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් මෙම කටයුතු මෙහෙයවනු ලැබීය.
     
    දැනට ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ වාණිජ වටිනාකමින් යුත් සහ වැඩි ඉල්ලුමක් පවතින මත්ස්‍ය විශේෂ කිහිපයක් මෙම අභිජනනාගාරයේ බෝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මොදා හෙවත් මුදිල්ලා (Cobia), වව්වාලයා (Silver Promfret) සහ කොස්සා යන මත්ස්‍ය විශේෂ තුනත්, ඊට අමතරව කකුළුවන් ද මෙහි අභිජනනය කෙරේ. 
     
    මෙම මත්ස්‍ය විශේෂ කොටු  තාක්ෂණය යටතේ (Cage Culture) වගා කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 100ක් ඒ සඳහා තෝරා ගෙන ඇත. ඔවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ආධාර මුදලක් පිරි නමන අතර, වාර්ෂිකව මෙම මත්ස්‍ය අපනයනය මගින් රුපියල් මිලියන 1000ක ආදායමක් අපේක්ෂිතය. එමෙන්ම 4000කට මේ ආශ්‍රිතව රැකියා අවස්ථා උදාවනු ඇත.
     
    මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය තුළ වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් ලක්ෂ 08ක් අභිජනනය කෙරේ.
     
    එමෙන්ම වෙරළබඩ ජලජීවි වගා ව්‍යාප්ති හා අධීක්ෂණ ඒකකය ස්ථාපිත කිරීම ද සිදු කෙරෙන අතර මඩකලපුව ප්‍රදේශයේ දැනට හඳුනාගෙන ඇති පරිදි ඉඩම් අක්කර 7000ක මත්ස්‍ය වගා කටයුතු පුළුල් කිරීම මෙම ඒකකය මගින් ආරම්භ කිරීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya